Our Services
ආයතන අංශය
අධිකාරියේ මූලික පරිපාලන කටයුතු සඳහා ආයතන අංශය සක්‍රීයව දායක වේ.එහිදී විශේෂයෙන්ම සමාන්‍ය පරිපාලන කටයුතු වලට අදල වන සේවක බඳවා ගැනීම්, පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම,නිලධාරීන්ගේ කඩයිම් විභාග රාජකාරි,මහගෙදර සංචාරක නිකේතනය වෙන් කරවා ගැනීමේ මූලික කටයුතු, කාර්යාල/වාහන ආදී නඩත්තු කටයුතු ආයතන අංශය මඟින් සිදුකරණු ලබයි.තවද ආරක්ෂක හා පවිත්‍රතා සේවාවට අදල වන්නා වූ වාර්ෂික ගිවිසුම් සකස් කිරීම,පවිත්‍රතා සේවාව සදහා අවශ්‍ය වන්නා වූ රසායනික ද්‍රව්‍ය /උපකරණ තොග ගබඩාව පවත්වගෙන යාමේ කටයුතු මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සකස් කිරීම ඇතුළු මූලික කටයුතු මෙන්ම අයතනය මඟින් සංවිධානය කරණු ලබන පොදු වැඩසටහන් මෙහෙයවීම සිදුකරමින් සියළු මූලික පරිපාලන කටයුතු මෙහෙයවනු ලැබේ.
ගිණුම් අංශය
වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරියේ සියලුම ගිණුම් කටයුතු ගිණුම් අංශය මඟින් සිදු කරනු ලැබේ. විවිධ ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රමයන්හි ලෙජරයන් නඩත්තු කිරීම ලැබෙන මුදල් හ චෙක්පත් භාර ගැනීම. බැංකු ගත කිරීම, රිසිට්පත් නිකුත් කිරීම සිදු කරනු ලබයි. සියලුම ගිණුම් සඳහා පරිගණක වාර්තා නිකුත් කිරීම. අවසන් ගිණුම් සකස් කිරීම සිදු කරනු ලබයි. ආරක්ෂක පවිත්‍රතා සේවයට බඳවාගනු ලබන සාමාජික සාමාජිකයින්ගේ පෞද්ගලික ලිපිගොනු නඩත්තුව වැටුප් හා දීමනා සකස් කිරීම ගෙවීම් කිරීම, සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට මුදල් භාර කිරීම සිදු කරනු ලබයි. කාර්යාල නිලධාරීන්ගේ වැටුප් හා දීමනා සැකසීම ගෙවීම් කිරීම සේවක අර්ථසාධක අරමුදලට මුදල් භාර කිරීම සේවා නියුක්තයන්ගේ භාර කිරීම සිදු කරනු ලබන අතර කාර්යාලීය ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම, විගණන විමසුම් සඳහා පිළිතුරු ලබාදීම සිදුකරනු ලබයි.
සංවර්ධන අංශය
වයඹ පලාතේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් 1990 අංක 05 දරණ ස්වයං රැකියා පදනම අරම්භ කරමින් ආ ගමනේ දී වඩාත් කාර්යක්ෂම හා ඵලදයී ලෙස අරමුණු හා කර්යයන් සපල කරගැනීම සඳහා 1994 අංක 01 දරණ ප්‍රඥප්තිය මඟින් මානව සම්පත් සංවර්ධන අධිකාරිය පිහිටුවා ස්වයං ජීවනෝපාය සංවර්ධන කිරීම වෙනුවෙන් සංවර්ධන අංශය මූලිකව කටයුතු සිදුකරණු ලබයි. එහිදී ආරම්භ කරන ලද ස්වයං ජීවනෝපාය සංවර්ධන වැඩ සටහනේ මූලික අරමුණු ලෙස නව ස්වයං රැකියා අවස්ථා හදුන්වා දීම, පුහුණුව හා තාක්ෂණය ලබා දීම, සරල යන්ත්‍ර සූත්‍ර හදුන්වා දීම, ස්වයං ජීවනෝපාය සංවර්ධන සඳහා මූල්‍යාධාර ලබා දීම, පරමාර්ථගත පවුල් ඒකකයන් බිහි කිරීම වැනි අරමුණු සදහන් කල හැක හැකිය
මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණ පිළිබඳ නියෝග ක්‍රියාත්මක කිරීමේ අංශය
වයඹ පළාත තුළ මනව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන අයතන මානව සම්පත් සංවර්ධන අධිකරියේ ලියාපදිංචි වීම හා වාර්ෂික බලපත්‍රයක් අධිකාරිය යටතේ පවත්වගෙන යා යුතුය.ඒ සඳහා මේ වන විට 2012.10.15 දිනැති අති විශේෂ ගැසට් නිවේදන අංක 1780/4 හා 2015.03.09 දිනැති 1905/6 මඟින් අධිකාරිය වෙත බලතල පවරා ඇත. ඒ අනුව යමින් මේ වන විට මානව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන අයතන කාණ්ඩ 18 ක් යටතේ හදුනාගෙන අවශ්‍ය නියමනය කරමින් වඩාත් ගුණාක්මක හා ආරක්ෂාකාරී සේවාවක් ලබාදිය හැකි අයතන ලෙස ලියාපදංචි කරනු ලැබීම හා පසු විපරම් සිදුකරමින්,සම්පත් දායකයන්ගේ වෘත්තීය සුදුසුකම් පරික්ෂා කරමින් යහපත් වැඩ පරිසරයක් යටතේ එම අයතන පවත්වා ගැනීමට අවශ්‍ය සියළු මෙහෙයවීම් කටයුතු සිදුකරණු ලබයි.
උපදේශණ සේවාව
වයම පලාත් අංක 1905/62015/39 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව පිහිටුවා ඇති ඒකකයක් වන අතර,පුද්ගලයකුගේ හෝ පුද්ගල කණ්ඩායමක මනෝ විද්‍යාත්මක අධ්‍යාපනික වෘත්තිය සාමාජීය හෝ පවුල් ජීවිතය පිළිබඳව ඕනෑම ගැටළු වක දී එම පුද්ගලයාට හෝ එම කණ්ඩායමට ආදාල ගැටලුව නිසියාකාරව අවබෝධ කරගෙන ඊට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය තමන් තුළ වර්ධනය කරගැනීම පිණිස අවශ්‍ය මග පෙන්වීම හා ඖෂධය නොවන ප්‍රතිකාර ලබාදීම හා ආධාරක සේවා සැපයීම සිදුකරණු ලබයි.
ආරක්ෂක සේවාව
වයඹ පළතේ පවතින රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය සඳහා අවශ්‍ය ආරක්ෂක සේවා සැපයිම වෙනුවෙන් පළාත් අමාත්‍ය මණ්ඩල තීරණ, 4/1 අමා /2008/15 4/1 අමා / 2008/26 5/1 අමා /2008/40 අනුව, නෛතික රාමුවක් යටතේ ස්ථාපිත කර ඇත. එහිදී සුරක්ෂිත රැකියා අවස්ථා නිර්මාණය කරමින් ගුණාත්මක සේවාවක් සැපයීම,කම්කරු පනත හා පඩිපාලක සභා නිවේදන අනුව වැටුප් හා දීමනා ගෙවීමත්,විධිමත් පරිදි අර්ථසාධක හා සේවා නියුක්ති අරමුදල් ගෙවීමත්,වසර 05 ඉක්මවූ සේවක සේවිකාවන් සඳහා පාරිතෝෂික වෙන් කිරීම සිදුකරනු ලබයි. ඒ අනුව මේ වන විට 330 ට වැඩි සේවක සංඛ්‍යාවක් මඟින් අයතන 50 ට වැඩි ප්‍රමානයක් සඳහා ගුණාත්මක සේවාවක් සපයාදීම සිදුකරණු ලබයි. තවද,අරක්ෂක සේවාවේ නියුතු නිලධාරින් සඳහා සේවක සුභසාධනය වෙනුවෙන් ණය මුදල් ලබාදීම,නිල ඇදුම්,රක්ෂණ ආවරණ හා අධ්‍යපනික හා විනෝද චාරිකා වෙනුවෙන් අවශ්‍ය කටයුතු මානව සම්පත් සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරණු ලැබේ.
පවිත්‍රතා සේවාව
වයඹ පළතේ පවතින රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය සඳහා අවශ්‍ය පවිත්‍රතා සේවා සැපයිම වෙනුවෙන් පළාත් අමාත්‍ය මණ්ඩල තීරණ, 5/1 අමා/2013/07 අනුව, නෛතික රාමුවක් යටතේ ස්ථාපිත කර ඇත. එහිදී සුරක්ෂිත රැකියා අවස්ථා නිර්මාණය කරමින් ගුණාත්මක සේවාවක් සැපයීම,කම්කරු පනත හා පඩිපාලක සභා නිවේදන අනුව වැටුප් හා දීමනා ගෙවීමත්,විධිමත් පරිදි අර්ථසාධක හා සේවා නියුක්ති අරමුදල් ගෙවීමත්,වසර 05 ඉක්මවූ සේවක සේවිකාවන් සඳහා පාරිතෝෂික වෙන් කිරීම සිදුකරනු ලබයි. ඒ අනුව මේ වන විට 650 ට වැඩි සේවක සංඛ්‍යාවක් මඟින් අයතන 50 ට වැඩි ප්‍රමානයක් සඳහා ගුණාත්මක සේවාවක් සපයාදීම සිදුකරණු ලබයි. තවද,පවිත්‍රතා සේවාවේ නියුතු නිලධාරින් සඳහා සේවක සුභසාධනය වෙනුවෙන් ණය මුදල් ලබාදීම,නිල ඇදුම්,රක්ෂණ ආවරණ හා අධ්‍යපනික හා විනෝද චාරිකා වෙනුවෙන් අවශ්‍ය කටයුතු මානව සම්පත් සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරණු ලැබේ.
මහගෙදර සංචාරක නිකේතනය
මානව සම්පත් සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ,කුරුණැගල වැව රවුම ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සංචාරක නිකේතනයක් වන මහගෙදර සංචරක නිකේතනය රාජ්‍ය,අර්ධ රජ්‍ය හා පෞද්ගලික යන සියළු අංශයන් සඳහා වායු සමනය කළ,ශබ්ද විකාශන යන්ත්‍ර,මල්ටි මීඩියා පහසුකම් සහිත ශාලා පහසුකම් ලබාගත හැකිය. එසේම මෙම නිකේතනයේ පවත්වනු ලබන සියළු උත්සව අවස්ථා සඳහා ප්‍රණීත ආහාර පාන සැපයීමේ කටයුතු සිදුකරයි. රාජ්‍ය,අර්ධ රජ්‍ය හා පෞද්ගලික අංශයන් වල සියළු අය සඳහා වායු සමනය කළ හා වායු සමනය නොකළ නේවාසික පහසුකම් ලබාදීම සිදුකරනු ලබයි.සපයනු ලබන සියළු සේවාවන් ආරක්ෂකාරීව වගකීමෙන් ඉටුකිරීම සඳහා ඇප කැප වූ ආචාරශීලී සේවක මඩුල්ලක් මගින් පැමිනෙන සියළු දෙනා වෙත ඉතා යහපත් වූ ගුණාත්මක සේවාවක් සැපයිම මෙමගින් ඉටුකරණු ලබයි.
නඩත්තු කටයුතු සේවාව
මානව සම්පත් අධිකාරිය යටතේ නඩත්තු කටයුතු සිදුකිරීම වෙනුවෙන් මෙම අංශය පිහිටුවා ඇත.ඒ අනුව ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන පවිත්‍රතා සේවවේ භාවිතා වන සියළු යන්ත්‍ර/උපකරණ අදි මෙවලම් නිසි පරිදි නඩත්තු කිරීම, අළුත්වැඩිය කිරීම හා ආයතනය තුළ සියළු නඩත්තු කටයුතු, මහගෙදර සංචාරක නිකේතනයේ සියළු ආකාරයේ නඩත්තු කටයුතු සිදුකිරීම මෙම අංශය මඟින් සිදුකරණු ලබයි. තවද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අයතන වල පවතින විදුලි,ජලනළ,පෑස්සුම්,ගබඩා රාක්ක,තීන්ත ආලේපන ආදී විවිධ සුළු නඩත්තු කටයුතු මෙම අංශය මඟින් සිදුකර ගැනිමේ හැකියාව පවතින අතර එම සේවාවාන් නිසි ප්‍රමිතියෙන් හා ගුණාක්මක බවින් යුක්තව වගකීමක් සහිතව ඉටුකර දීම සිදුකරණු ලබයි.