About Us

දැක්ම

වයඹ මානව සම්පත් සංවර්ධනයේ පෙර ගමන්කරු

මෙහෙවර

“වයඹ පළාතේ ජනතාවගේ හැකියාවන් හදුනාගනිමින් යෝග්‍ය තාක්ෂණය, රැකියාස්ථ පුහුණුව, උපකරණ හා මුල්‍යාධාර පහසුකම් සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශය යටතේ ලබා දෙමින් ස්වයං ජිවනෝපායන් සංවර්ධනය කිරිම, ප්‍රශස්ථ මානව සම්පත් කළමනාකරණය සහ රැකියා අවස්ථා ජනනය කිරිම”

ආරම්භය හා විකාශය

වයඹ පළාතේ ජීවත්වන දුප්පත් ජනතාවගේ ජීවන අපේක්ෂාවන් සාක්ෂාත් කර දීම අරමුණු කරගනිමින් 1990 අංක 05 දරණ ස්වයං රැකියා පදනම ප්‍රඥප්තිය මගින් වයඹ ස්වයං රැකියා පදනම ආරම්භ කරන ලදී.

මෙලෙස ආරම්භ කරන ලද ස්වයං රැකියා පදනම සීමිත වු ප්‍රදේශයක ක්‍රියාත්මක වෙමින් පැවති අතර ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීම සඳහා දායකත්වය සපයන ලදී. එසේ වුවත් පවතින සේවාවන් හා සම්පත් කාර්යක්ෂමව හා ඵලදායිව කළමනාකරණය කිරීමට 1994 අංක 01 දරණ වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය ප්‍රඥප්තිය මගින් පූර්ණ බල සහිතව වයඹ පළාත් සභාව විසින් වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය ස්ථාපිත කර ඇත.

පළාත තුළ ක්‍රියාත්මක කාන්තා ස්වශක්ති සමුපකාර සමිති, සත්කාර්ය සමුපකාර සමිති, කිරි නිෂ්පාදනය කරන්නන්ගේ සමුපකාර සංවිධාන, සණස සමිති, කර්මාන්තකරුවන්ගේ සමුපකාර සංවිධාන, ගොවි සංවිධාන සහ තෝරාගත් පෞද්ගලික ව්‍යවසායකයින්, රැකියා විරහිත තරුණ තරුණියන්, මානව සම්පත් සංවර්ධන කාර්යයයේ යෙදෙන ආයතන සහ සම්පත්දායතයින්, විවිධ ක්ෂේත්‍ර පදනම් කරගත් වෘත්තිකයන් (පෙදරේරු, වඩු කාර්මික, ජලනල කාර්මික) සමග එක්කාසු වෙමින් වයඹ පළාතේ ආර්ථික සහ සාමාජීය සංවර්ධනය සඳහා සක්‍රීය ලෙස මානව සම්පත් සංවර්ධන අධිකාරිය දායකවේ

අධිකාරියේ අරමුණු හා කාර්යයන්

  • 01
    වයඹ පළාත් සභා බල ප්‍රදේශය තුළ දැනට පවත්නා හා අනාගතය සඳහා ප්‍රක්ෂේපිත මිනිස් බල අවශ්‍යතා හදුනාගැනීම හා එම අවශ්‍යතායට අනුකුලව මානව සම්පත් සංවර්ධනය සඳහා සැලසුම් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • 02
    පළාතේ මානව සම්පත් සංවර්ධන සඳහා වැඩසටහන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • 03
    පළාතේ පවත්නා සම්පත් තුළින් උපරිම ඵලදායිතාවයක් ලබාගත හැකිවන පරිදි කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන් ඇරඹීම මගින් විභවතාව ඇති තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • 04
    පළාතේ සම්පත්වලට හා ආර්ථිකයට ගැළපෙන පරිදි ස්වයං රැකියා ලෙස පවත්වාගෙන යා හැකි සුලු ව්‍යාපාර සැලසුම් කර ඒ සඳහා තරුණ තරුණියන්ට අවශ්‍ය පුහුණුව හා ඔවුන් එම ව්‍යාපාරයන්හි යෙදීමට අවශ්‍ය අරමුදල් සපායාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  • 05
    පළාත තුළ දැනට විවිධ ව්‍යාපාරයන්හි යෙදී සිටින, ස්වකීය ව්‍යාපාරයන් වැඩි දියුණු කර ගැනීම සඳහා ව්‍යවසායකත්ව පුහුණුවක් අපේක්‍ෂා කරන්නවුන් සඳහා උචිත ව්‍යවසායකත්ව පුහුනු වැඩ සටහන් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම.
  • 06
    වසරක් පාසා විධිමත් අධ්‍යාපන පද්ධතියෙන් විවිධ අවස්ථාවන්හිදී ගිලිහී යන පළාතේ තරුණ පිරිස ජීවන මාර්ග සඳහා යොමු කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික හා විවිධ වෘත්තීය ආයතනයන්ගේද සහය ඇතිව වෘත්තීය පාඨමාලා සැලසුම් කිරීම හා පවත්වාගෙන යාම.
  • 07
    පළාතේ වාණීජ, කාර්මික හා රජයේ ආයතනයන්හි කාර්යක්ෂමතාව, ඵලදායිතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමත්, නාස්තිය වැලැක්වීමත් සඳහා අවශ්‍ය කළමනාකරණ උපදේශක සේවාවක් සැපයීම.
  • 08
    වයඹ පළාත් සභා බල ප්‍රදේශය තුළ මානව සම්පත් සංවර්ධනයේ නියුතු සියළුම ආයතන සමග සහයෝගිතාවයෙන් ප්‍රදේශයේ කඩිනම් සංවර්ධනයට ඉවහල් වන පාඨමාලා සංවර්ධනය කිරීම, ප්‍රමිතිය නියම කිරීම හා ඒවා හදාරන්නවුන් සඳහා පොදු ඇගයීම් පිළිවෙත් නියම කිරීම.
  • 09
    පළාතේ නිෂ්පාදන තර්තව්‍යයන් සඳහා යොමු කරන අභ්‍යාසලාභීන් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩවලට දේශීය හා විදේශීය වෙළඳපොල පහසුකම් සලසාලීමට අවශ්‍ය අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  • 10
    අධිකාරියට සමාන අරමුණු ඇති වෙනත් දේශීය හා විදේශීය ආයතන සමග සහයෝගීතාවය පැවැත්වීම මගින් අධිකාරිය විසින් පිරිනමනු ලබන සහතික හා ඩිප්ලෝමාවන් එකී ආයතන මගින් පිරිනමනු ලබන සුදුසුකම්වලට සමාන හා වලංගු ලෙස පිළිගැනීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • 11
    පළාතේ රාජ්‍ය හා රාජ්‍ය නොවන පුහුණු ආයතනවල පුහුණු ධාරිතාවය, ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපදෙස් හා ආධාර ලබාදීම.

අධිකාරියේ බලතල

  • 01
    අධිකාරියේ අරමුණු සියල්ලම හෝ ඉන් කොටසක් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වන පරිදි ක්‍රියා කිරීමට හා සියඵ පියවර ගැනීමට අධිකාරියට බලය තිබිය යුතුය.
  • 02
    පළමුවන උප වගන්තියේ පැවරී ඇති බලතල වලට අගතියක් නොවන පරිද්දෙන් පහත දැක්වෙන කටයුතු කිරීමට අධිකාරියට බලය තිබිය යුතුය.
  • 03
    මානව සම්පත් සංවර්ධන කාර්යය උදෙසා පළාත තුළ සියඵ ආකාරයේ පුහුණු හා කළමනාකරණ ආයතන, නියෝජ්‍යායතන ආදිය පිහිටුවීම හා කළමනාකරණය කිරීම.
  • 04
    පුහුණු වැඩසටහන්, ව්‍යාපෘති සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුඵ ආදිය පළාත කුළ සංවිධානය කිරීම හා මෙහෙයවීම.
  • 05
    වයඹ පලාත තුළ දැනට පිහිටුවා ඇති හා අනාගතයේ දී පිහිටුවනු ලබන මානව සම්පත් සංවර්ධන කාර්යයේ නිරතවන සියඵම ආයතන ලියාපදිංචි කර පළාතේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඒවායේ කටයුතු පාලනය කිරීම. පාඨමාලා සංවර්ධනය සඳහා උපදෙස් දීම හා මුල්‍යමය හෝ වෙන් ආකාරයකින් ආධාර කිරීම.
  • 06
    වෙනත් ලිඛිත නීතියක සඳහන් වගන්තීන්ට යටත්ව අධිකාරියේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය යම් චංචල හෝ නිශ්චල දේපලක් අත්පත් කර ගැනීම, මිළට ගැනීම, තබා ගැනීම, බද්දට, උකසට හෝ කුලියට ගැනීම හෝ දීම, ඇපයට තැබීම, උගස් කිරීම, විකිණීම හෝ අන්‍යාකාරයකිත් බැහැර කිරීම.
  • 07
    අධිකාරියේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර, උපකරණ, අමුද්‍රව්‍ය හෝ වෙනත් දේ දේශීය වශයෙන් මිළට ගැනීම හෝ ආනයනය කිරීම.
  • 08
    අධිකාරියේ කාර්යයන් සඳහා විවිධ පුද්ගලයින්ගේ සංවිධානවල හා ආයතනයන් හෝ සේවාවන් හා භාණ්ඩ ලබාගැනීම හා ඒ වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු හෝ කුළී ගෙවීම.
  • 09
    අධිකාරියේ අරමුණුවලින් ඕනෑම එකක් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වන සියඵම වියදම් සඳහා ගෙවීම් කිරීම.
  • 10
    අධිකාරිය විසින් පළාත තුල මානව සම්පත් සංවර්ධනය සඳහා ඉටුකරන සේවා හෝ සපයන පහසුකම් හෝ උපකරණ වෙනුවෙන් සේවා ගාස්තු, පහසුකම් ගාස්තු හෝ පාඨමාලා ගාස්තු, විභාග ගාස්තු හෝ වෙනත් අයකිරීම් නියමකර ඒවා අයකර ගැනීම.
  • 11
    අධිකාරියේ අරමුණු, කාර්යයන් හා සේවාවන් සපුරා ගැනීම සඳහා විවිධ දේශීය, විදේශීය හා අන්තර්ජාතික ආයතන මගින් සපයනු ලබන මුල්‍ය ආධාර, ද්‍රව්‍යමය ආධාර, උපදේශක සේවා හෝ වෙනත් කිසියම් ආකාරයක ආධාර පිළිගැනීම.
  • 12
    අධිකාරියේ කාර්යයන් මනාව පවත්වාගෙන යාම හා මෙහෙයවීම සඳහා අවශ්‍ය යැයි සැලකෙන අංශ හා දෙපාර්තමේන්තු ඇතුඵ සංවිධාන ව්‍යුහයක් ගොඩනැගීම හා අධිකාරිය සඳහා සේවකයින්, නිලධාරීන්, නියෝජිතයින් පත් කිරීම, පාරිශ්‍රමික ගෙවීම, කාර්යය නියමයන් තීරණය කිරීම, සේවක මණ්ඩල පුහුණු කිරීම, කාර්යය සාධන ඇගයීම්, උසස් කිරීම, විනය පාලනය, සේවයෙන් ඉවත් කිරීම, සුභ සාධන කටයුතු හා අනෙකුත් පිරිස් කළමනාකරණ කටයුතු ඉටුකරීම හා එයට අදාළ රීති පැනවීම.
  • 13
    අධිකාරිය මගින් සංවිධාන කරනු ලබන පාඨමාලා, පුහුණු වැඩසටහන්, සම්මන්ත්‍රණ, සම්මේලන හා වැඩමුඵ ආදියට සහභාගී වන්නන් සඳහා ඇගයීමේ පරික්ෂණ පැවැත්වීම හා ඔවුන් වෙත සුදුසු සහතික නිකුත් කිරීම.

වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය

ඩබ්.එම්.ඩී.තුසිත සංජීව මයා

ඩබ්.එම්.ඩී.තුසිත සංජීව මයා

සභාපති

බී.ජී.චන්දන ප්‍රියන්ත මයා

බී.ජී.චන්දන ප්‍රියන්ත මයා

විධායක අධ්‍යක්ෂ

බණ්ඩාර රාජපක්ෂ මයා

බණ්ඩාර රාජපක්ෂ මයා

විධායක අධ්‍යක්ෂ

බී.එම්.ජී.අනුරාධා බාලසූරිය මිය

බී.එම්.ජී.අනුරාධා බාලසූරිය මිය

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

එස්.ටී.ඒ.ඩී.ජේ.සී.කේ.විජේසිංහ මයා

එස්.ටී.ඒ.ඩී.ජේ.සී.කේ.විජේසිංහ මයා

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

පී.එම්.නලින් චමින්ද මයා

පී.එම්.නලින් චමින්ද මයා

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

ඕ.එන්.සී.පෙරේරා මිය

ඕ.එන්.සී.පෙරේරා මිය

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික